Pages

Saturday, August 4, 2012

zscore song 03

පැතු සරසවි සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් ගියා
අපෙ campus තාමත් ඇය් හීනයක් වෙලා

පාඩම් කරත් ඉස්සර වෙහෙසී කැප වෙමින්
මිමුනුව වදන් මතකද අම්මගෙ ඇස් දෙකෙන්
නොනිදා රැයේ..... උත්සාහේ......
අද ඈතින් ඈතට යනවනෙ ඉගිලිලා
අපෙ හීනෙන් හීනට පාටක් ගෑවිලා

ආවත් හිතේ ආදර හැගුමන් තවරමින්
යටපත් කරේ A-3 ගන්නට බැරි නිසය්
S.B. මෙසේ..... අද කියන්නේ......
සති දෙකකින් විභාගෙ ආපහු කරපල්ලා
මගෙ ජීවන ගමනට zscore ඉගි කලා

පැතු සරසවි සෙයා රූ.....

Created by KAveendra RAndeera
0711821565

Friday, August 3, 2012

Zscore song 02

කූඹි වගේ රංචු ගැහිල සරසවිය සොයා
උද්ඝෝශන පිකටින් අපි හැම තැනම කලා
හෙමින් හෙමින් අඩි තිය තිය ජීවිතය පුරා
S.B. බන්දුල සෙල්ලම් කරනවද ඔයා

අඩන්නට වෙලා අපේ results වැරදිලා
නුපුරුදු නොදැනුනු තරහක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර උනා
සරසවියත් පටන් ගන්න දවස් ලං උනා

කූඹි වගේ....

හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කදුලු මට වැඩි වී සිදින්නට එපා
privet සරසවි ඇරබේ හිතන්නට එපා
2 nd shy අපි කාලකණ්ණි වැඩක් නෑ කියා

කූඹි වගේ..

created by KAveendra RAndeera

z.score song 01

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
zscore නිසා සිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ results මගේමය් කියා
ජීවිතේම දැන් මාගෙ හීනයක් වෙලා
සත් මාසයකින් නැති වී
මගෙ ජීවිතයට පැමිනී
ලස්සනම සරසවිය where.... //

මේ ඇමති ගොල්ලන්ගේ
කරන පව් නිසානේ
අද අපිට campus නැති උනේ
මේ අන්ධ හිත මාගේ
මතකයේ තැවෙන්නේ
සෝ සැංකා හිරි හැර කරන්නේ
සත් මාසයකින් නැති වී
මගෙ ජීවිතයට පැමිනී
ලස්සනම සරසවිය .......... //

සද නීල රෑ යාමේ
results දෙසැම්බර් ආවානේ
පසු දිනම cancel උනානේ
දෙවැනි වරත් ආවනේ
සරසවි දොරටු ඇරුනානේ
අද අපිට ඒකත් නැති උනේ
සත් මාසයකින් නැති වී
මගෙ ජීවිතයට පැමිනී
ලස්සනම සරසවිය where.... //

Friday, July 20, 2012

සරසවි සිසුන්

සරසවි සිසුන් හට විනයක් නැතැයි කියා පෙර හුරුවකට හමුදාවට යවන නියා කර ඇති කථා ගැන අඩු ලංසුවට නොයා හරවත් ලෙසින් මෙය විමසිය යුතුය ‍ සොයා තන මින් අළුත් දෑ විශ්වය අභි බවන ගෙන ගිය මිනිස් මොළ සරසවි දී සෙවන විනයක් නැතැයි කීමම බොරුවකි මවන මොන පාසැලද මැරුවේ දරුවන් නුවන දහ තුන් වසක් පාසැල් දිවියෙන් ලැබුනු මහ උස් පැතුම් සිසුනගෙ ලෝකෙට තිබුනු යහ පත් ගුරුන් සෙවනෙන් මොලයට ඵබුනු බහ ටත් වැඩිද හමුදා විනයට ලැබුනු විනයක් තිබේ නම් හමුදා වකට රටේ වෙන අපරාද යාවිද සෙබළුන්ගෙ පිටේ දෙන මේ ටොපිය දියකර දැම්මොතින් කටේ වෙන දේ අපේ පරපුරකට හිතමු රටේ බල හත් කාරයෙන් දරුවන් රැගෙන ගොසින් මොළහෝදන්න යොදවන විට නරුම ලෙසින් කොළ නිල් රකින්නට යන කරුමයක ඇසින් වල වල් කපමු පරපුරකට අපිම විසින්

Thursday, July 12, 2012

මගේ දැක්ම 1..


මට මතක් උනා මම කරන්න ටියුශන් පංති ගිය මුල්ම දවස් 2. class ගියේ තංගල්ලෙ. class ගිය දෙවැනි දවසෙ තමය් ජනක සර්ගෙ පංතිය මුලින්ම පටන් ගත්තෙ. එදා ඉරිද දවසක්. ඉතින් එදා ජනක සර් අපෙ ජීවිත සාර්තකත්වය උදෙසා ලබා දුන්නු දැක්ම පොස්ටරය මගෙ පලවෙනි බ්ලොග් 1 විදියට දාන්න මම හිතුවා. ඉතින් අපි අදටත් දෙවියෙකුට වගෙ සලකන ජනක සර් අපිට එදා ලබා දුන්නු පලවෙනි දැක්ම පෝස්ටරය තමය් මේ.....

"""ජීවිතය මලක් සේ යැය් මම සිතමි. එදා ශෝබන ලෙස පිපුනු මල් අද පොළවෙහි පොහොර හැටියට වෙනස් වී ඇත. එය අස්වාභාවික ධර්මතාවයක් නොව ඉතා ස්වභාවික ධර්මතාවයකි. රුදුරු විස කටුවක් වී සුවහසක් කල් ජීවත් වනවාට වඩා පිරිපුන් සුවද මලක් සේ දිනක් ජීවත් වී මිය යාම ආත්ම තෘප්තියකි.

මම වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව, පැකිලීම, මා සිත තුලින් පන්න දමමි. මෛත්‍රිය, දයාව, ආදරය, අධිෂ්ඨානය මා සිත තුල බබලවමි. එවිට මා ඉගෙන ගන්නා දේට ද මා සිත තුල වැඩි ඉඩක් ලැබෙන බව මම දනිමි.

ඕනෑම අයහපතක් යහපත සදහා හරවා ගනිමි. ඕනෑම කරදරයකින්, දුකකින්, පසු බෑමකින්, යමක් ඉගෙන ගනිමි. ඒ හැම එකක්ම වෙස් වළාගෙන මා වෙත එන ආශ්‍රිර්වාදයක් ලෙස සලකමි. දුෂ්කර අවස්ථාවන් ප්‍රමෝදමත් අවස්තාවන් බවට පත් කර ගනිමි.

ගැටලු වලට විසදුම් සොයමි. නැගී සිටින්නට වෙර දරන විට මා කිහිප වරක්ම වැටෙන්නනට ඉඩ ඇත. එසේ කිහිප වරක්ම වැටීමෙන් පසු මා නැගිටින්නේ නම් මා වඩාත් සතුටු වෙමි. මන්දයත්, එවිට මා තවත් නොවැටෙන බව දන්නා බැවිනි. පරාජයන් තුලින් අසීමිත ජයග්‍රහනයක් අත්පත් කර ගත හැකි බව මම විශ්වාස කරමි.

වසර දහසක් යහතින් වෙසෙනු පිණිස වසර කිහිපයක් එහෙසී වැඩ කළ යුතු බව මම සිතට ගනිමි.

මගෙ සිතට ධෛර්යය නැමති කිරි පොවමි.
මගේ සිත බාධක මතින් පන්නවමි.
මම මා විශ්වාස කරමි.
මම සන්සුම් වෙමි.
සැහැල්ලුවෙන් හා සතුටින් වැඩෙහි යෙදෙමි.
ජීවිතය උපරිම සාර්ථකත්වයට පත් කර ගනිමි.
මම සාර්ථකත්වය බලාපොරොත්තු වන බැවින් මට සාර්ථකත්වය සහතිකවම ලැබේ.."""

ඉතින් මුලු A/l ජීවිත කාලෙ තුලම මේක කියවල අපි ගොඩක් දෑවල් ලබා ගත්තා. ඒව වචනයෙන් කිව නොහැකි තරම්. ඉතින් ජනක සර්ට කරන ගෞරවයක් විදියට තමය් මම මේක දාන්න හිතුවෙ..!!!!!!!

හැමොටම කියවන්න Share කරන්න...!!!!!

Sunday, July 8, 2012

◄◄ගැහැනිය පිලිබද වියත් වැකි►►

• ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.

• දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය

• රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය

• මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි

• ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට පිරිමි බොහෝ විට ගැහැනුන්ට ණය ගැතිය.

• ලෝක පැවත්මත් ලෝක විනාශයත් රදා පවතින්නේ ගැහැනිය මතය

• මිහිරි සංගීතයක් වැනි ගැහැනු පිරිමියා රසභාවයෙන් රසවත් කරයි.

• ලොවක් පාලනය කල හැකි අතක් ඇති ගැහැනියට ලොවක් ගිනිබත් කල හැකි කටක් ඇති බවද කියයි.

• මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ කාන්තාවකටයි.

• යක්‍ෂයෙකු වැනි පිරිමියෙකු අවනත කල හැක්කේද ,අවනත වූ පිරිමියෙකු යක්‍ෂයෙකු කල හැක්කේද ගැහැනියකටයි.

• බැගෑපත් ආදරය ගණන් නොගන්නා ගැහැනිය අභිමානවත් ආදරය ප්‍රිය
කරන්නීය.

• ගැහැනිය මෙලොවට බිහි වී ඇත්තේ ජීවිත කාලය පුරා හැඩීමටවත් සිනා සීමටවත් නොව ජීවිත කාලය පුරා හැඩීමත් සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන කිරීමටය.

• ආදරයේදී සහ පලිගැනීමේදී ගැහැනිය පිරිමියාට වඩා ප්‍රචන්ඩය.

• පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි.

• මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම් මගින් සිදුරු වී ඇත.

• තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.

• ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන
අවලක්‍ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට ව
ඩා ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.

• පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.

• පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.

• පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.

• ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්‍ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.

• ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.

• ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.

• මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.

• ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.

• ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.

මේ කතා ඇත්ත කියලා හිතනවා නම් SHARE කරන්න,මේ වියත් වදන් වලින් හොදම එක COMMENT කරන්න