Pages

Friday, July 20, 2012

සරසවි සිසුන්

සරසවි සිසුන් හට විනයක් නැතැයි කියා පෙර හුරුවකට හමුදාවට යවන නියා කර ඇති කථා ගැන අඩු ලංසුවට නොයා හරවත් ලෙසින් මෙය විමසිය යුතුය ‍ සොයා තන මින් අළුත් දෑ විශ්වය අභි බවන ගෙන ගිය මිනිස් මොළ සරසවි දී සෙවන විනයක් නැතැයි කීමම බොරුවකි මවන මොන පාසැලද මැරුවේ දරුවන් නුවන දහ තුන් වසක් පාසැල් දිවියෙන් ලැබුනු මහ උස් පැතුම් සිසුනගෙ ලෝකෙට තිබුනු යහ පත් ගුරුන් සෙවනෙන් මොලයට ඵබුනු බහ ටත් වැඩිද හමුදා විනයට ලැබුනු විනයක් තිබේ නම් හමුදා වකට රටේ වෙන අපරාද යාවිද සෙබළුන්ගෙ පිටේ දෙන මේ ටොපිය දියකර දැම්මොතින් කටේ වෙන දේ අපේ පරපුරකට හිතමු රටේ බල හත් කාරයෙන් දරුවන් රැගෙන ගොසින් මොළහෝදන්න යොදවන විට නරුම ලෙසින් කොළ නිල් රකින්නට යන කරුමයක ඇසින් වල වල් කපමු පරපුරකට අපිම විසින්

2 comments:

  1. නායකත්ව පුහුනුවේ ඇති වැරැද්දක් නම් මට හිතෙන්නේ නෑ
    is there any????

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. මටත් හිතෙන්නෙ එහෙම තමය්. ඒත් සල්ලි අපරාදේ.

      Delete