◄◄ගැහැනිය පිලිබද වියත් වැකි►►
• ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.
• දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය
• රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය
• මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි
• ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට පිරිමි බොහෝ විට ගැහැනුන්ට ණය ගැතිය.
• ලෝක පැවත්මත් ලෝක විනාශයත් රදා පවතින්නේ ගැහැනිය මතය
• මිහිරි සංගීතයක් වැනි ගැහැනු පිරිමියා රසභාවයෙන් රසවත් කරයි.
• ලොවක් පාලනය කල හැකි අතක් ඇති ගැහැනියට ලොවක් ගිනිබත් කල හැකි කටක් ඇති බවද කියයි.
• මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ කාන්තාවකටයි.
• යක්ෂයෙකු වැනි පිරිමියෙකු අවනත කල හැක්කේද ,අවනත වූ පිරිමියෙකු යක්ෂයෙකු කල හැක්කේද ගැහැනියකටයි.
• බැගෑපත් ආදරය ගණන් නොගන්නා ගැහැනිය අභිමානවත් ආදරය ප්‍රිය
කරන්නීය.
• ගැහැනිය මෙලොවට බිහි වී ඇත්තේ ජීවිත කාලය පුරා හැඩීමටවත් සිනා සීමටවත්
නොව ජීවිත කාලය පුරා හැඩීමත් සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන
කිරීමටය.
• ආදරයේදී සහ පලිගැනීමේදී ගැහැනිය පිරිමියාට වඩා ප්රචන්ඩය.
• පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි.
• මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස්
හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම් මගින් සිදුරු වී
ඇත.
• තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.
• ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන
අවලක්ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට ව
ඩා ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.
• පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.
• පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.
• පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.
• ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.
• ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.
• ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.
• මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.
• ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.
• ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.
මේ කතා ඇත්ත කියලා හිතනවා නම් SHARE කරන්න,මේ වියත් වදන් වලින් හොදම එක COMMENT කරන්න
මොනාද බන් මේ කොපි, පේස්ට් කිරිල්ල :D
ReplyDeleteහරි හරි. තවත් නෑ... මෙච්චර තමය් කොපි පේස්ට්ස්
Deleteහා හා, හොදා හොදා :D
Delete