"""ජීවිතය මලක් සේ යැය් මම සිතමි. එදා ශෝබන ලෙස පිපුනු මල් අද පොළවෙහි පොහොර හැටියට වෙනස් වී ඇත. එය අස්වාභාවික ධර්මතාවයක් නොව ඉතා ස්වභාවික ධර්මතාවයකි. රුදුරු විස කටුවක් වී සුවහසක් කල් ජීවත් වනවාට වඩා පිරිපුන් සුවද මලක් සේ දිනක් ජීවත් වී මිය යාම ආත්ම තෘප්තියකි.
මම වෛරය, කෝපය, ඊර්ෂ්යාව, පැකිලීම, මා සිත තුලින් පන්න දමමි. මෛත්රිය, දයාව, ආදරය, අධිෂ්ඨානය මා සිත තුල බබලවමි. එවිට මා ඉගෙන ගන්නා දේට ද මා සිත තුල වැඩි ඉඩක් ලැබෙන බව මම දනිමි.
ඕනෑම අයහපතක් යහපත සදහා හරවා ගනිමි. ඕනෑම කරදරයකින්, දුකකින්, පසු බෑමකින්, යමක් ඉගෙන ගනිමි. ඒ හැම එකක්ම වෙස් වළාගෙන මා වෙත එන ආශ්රිර්වාදයක් ලෙස සලකමි. දුෂ්කර අවස්ථාවන් ප්රමෝදමත් අවස්තාවන් බවට පත් කර ගනිමි.
ගැටලු වලට විසදුම් සොයමි. නැගී සිටින්නට වෙර දරන විට මා කිහිප වරක්ම වැටෙන්නනට ඉඩ ඇත. එසේ කිහිප වරක්ම වැටීමෙන් පසු මා නැගිටින්නේ නම් මා වඩාත් සතුටු වෙමි. මන්දයත්, එවිට මා තවත් නොවැටෙන බව දන්නා බැවිනි. පරාජයන් තුලින් අසීමිත ජයග්රහනයක් අත්පත් කර ගත හැකි බව මම විශ්වාස කරමි.
වසර දහසක් යහතින් වෙසෙනු පිණිස වසර කිහිපයක් එහෙසී වැඩ කළ යුතු බව මම සිතට ගනිමි.
මගෙ සිතට ධෛර්යය නැමති කිරි පොවමි.
මගේ සිත බාධක මතින් පන්නවමි.
මම මා විශ්වාස කරමි.
මම සන්සුම් වෙමි.
සැහැල්ලුවෙන් හා සතුටින් වැඩෙහි යෙදෙමි.
ජීවිතය උපරිම සාර්ථකත්වයට පත් කර ගනිමි.
මම සාර්ථකත්වය බලාපොරොත්තු වන බැවින් මට සාර්ථකත්වය සහතිකවම ලැබේ.."""
ඉතින් මුලු A/l ජීවිත කාලෙ තුලම මේක කියවල අපි ගොඩක් දෑවල් ලබා ගත්තා. ඒව වචනයෙන් කිව නොහැකි තරම්. ඉතින් ජනක සර්ට කරන ගෞරවයක් විදියට තමය් මම මේක දාන්න හිතුවෙ..!!!!!!!
හැමොටම කියවන්න Share කරන්න...!!!!!

එල එල කවියෝ දිගටම කරගෙන පලයන්..........!
ReplyDeleteඅභියෝග හමුවේ නොසැලී ඉදිරියට පියමන් කීරීමට අවැසී ශක්තිය නොඅඩුව ලැබේවා!!!!!!!
බොහොම ස්තූතිය්.
Deleteඅප්පේ, ජනක සර් දෙන ඒව බිත්ති වල ගැහුවම විලි ලැජ්ජයි ඕයී! :D
ReplyDeleteඑහෙනම් ගැහුවෙ මක්කටෙය්..??
Deleteනියමයි මචං දිගටම කරගෙන පලයන්..එල
ReplyDeleteThank you ..
DeleteThis comment has been removed by the author.
ReplyDelete