Pages

Thursday, July 12, 2012

මගේ දැක්ම 1..


මට මතක් උනා මම කරන්න ටියුශන් පංති ගිය මුල්ම දවස් 2. class ගියේ තංගල්ලෙ. class ගිය දෙවැනි දවසෙ තමය් ජනක සර්ගෙ පංතිය මුලින්ම පටන් ගත්තෙ. එදා ඉරිද දවසක්. ඉතින් එදා ජනක සර් අපෙ ජීවිත සාර්තකත්වය උදෙසා ලබා දුන්නු දැක්ම පොස්ටරය මගෙ පලවෙනි බ්ලොග් 1 විදියට දාන්න මම හිතුවා. ඉතින් අපි අදටත් දෙවියෙකුට වගෙ සලකන ජනක සර් අපිට එදා ලබා දුන්නු පලවෙනි දැක්ම පෝස්ටරය තමය් මේ.....

"""ජීවිතය මලක් සේ යැය් මම සිතමි. එදා ශෝබන ලෙස පිපුනු මල් අද පොළවෙහි පොහොර හැටියට වෙනස් වී ඇත. එය අස්වාභාවික ධර්මතාවයක් නොව ඉතා ස්වභාවික ධර්මතාවයකි. රුදුරු විස කටුවක් වී සුවහසක් කල් ජීවත් වනවාට වඩා පිරිපුන් සුවද මලක් සේ දිනක් ජීවත් වී මිය යාම ආත්ම තෘප්තියකි.

මම වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව, පැකිලීම, මා සිත තුලින් පන්න දමමි. මෛත්‍රිය, දයාව, ආදරය, අධිෂ්ඨානය මා සිත තුල බබලවමි. එවිට මා ඉගෙන ගන්නා දේට ද මා සිත තුල වැඩි ඉඩක් ලැබෙන බව මම දනිමි.

ඕනෑම අයහපතක් යහපත සදහා හරවා ගනිමි. ඕනෑම කරදරයකින්, දුකකින්, පසු බෑමකින්, යමක් ඉගෙන ගනිමි. ඒ හැම එකක්ම වෙස් වළාගෙන මා වෙත එන ආශ්‍රිර්වාදයක් ලෙස සලකමි. දුෂ්කර අවස්ථාවන් ප්‍රමෝදමත් අවස්තාවන් බවට පත් කර ගනිමි.

ගැටලු වලට විසදුම් සොයමි. නැගී සිටින්නට වෙර දරන විට මා කිහිප වරක්ම වැටෙන්නනට ඉඩ ඇත. එසේ කිහිප වරක්ම වැටීමෙන් පසු මා නැගිටින්නේ නම් මා වඩාත් සතුටු වෙමි. මන්දයත්, එවිට මා තවත් නොවැටෙන බව දන්නා බැවිනි. පරාජයන් තුලින් අසීමිත ජයග්‍රහනයක් අත්පත් කර ගත හැකි බව මම විශ්වාස කරමි.

වසර දහසක් යහතින් වෙසෙනු පිණිස වසර කිහිපයක් එහෙසී වැඩ කළ යුතු බව මම සිතට ගනිමි.

මගෙ සිතට ධෛර්යය නැමති කිරි පොවමි.
මගේ සිත බාධක මතින් පන්නවමි.
මම මා විශ්වාස කරමි.
මම සන්සුම් වෙමි.
සැහැල්ලුවෙන් හා සතුටින් වැඩෙහි යෙදෙමි.
ජීවිතය උපරිම සාර්ථකත්වයට පත් කර ගනිමි.
මම සාර්ථකත්වය බලාපොරොත්තු වන බැවින් මට සාර්ථකත්වය සහතිකවම ලැබේ.."""

ඉතින් මුලු A/l ජීවිත කාලෙ තුලම මේක කියවල අපි ගොඩක් දෑවල් ලබා ගත්තා. ඒව වචනයෙන් කිව නොහැකි තරම්. ඉතින් ජනක සර්ට කරන ගෞරවයක් විදියට තමය් මම මේක දාන්න හිතුවෙ..!!!!!!!

හැමොටම කියවන්න Share කරන්න...!!!!!

7 comments:

  1. එල එල කවියෝ දිගටම කරගෙන පලයන්..........!

    අභියෝග හමුවේ නොසැලී ඉදිරියට පියමන් කීරීමට අවැසී ශක්තිය නොඅඩුව ලැබේවා!!!!!!!

    ReplyDelete
  2. අප්පේ, ජනක සර් දෙන ඒව බිත්ති වල ගැහුවම විලි ලැජ්ජයි ඕයී! :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගැහුවෙ මක්කටෙය්..??

      Delete
  3. නියමයි මචං දිගටම කරගෙන පලයන්..එල

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete